• Structure of Java

    •  ජාවා වලදී සියලුම source code  ලියනුයේ *.java extension සහිතවය. 
      • ඉන්පසු මෙය compile කළ යුතුය. 
      • එහිදී *.class ලෙස හඳුන්වන ගොනු බවට compile වේ.
      • එය compile කරන ජාවා තුලම තිබෙන මෘදුකාංගය හඳුන්වන්නේ java compiler නමිනි.
      • Code එක අඩංගු වන්නේ *.java ගොනුව තුලයි. 
      • *.class ගොනුව තුල අඩංගු වන්නේ bytecodes ලෙස හඳුන්වන තොරතුරු සමුහයකි. 
      • එය bytecode binary application එකකි. 
      •  මෙය අතරමැදි අවස්ථාවකි,එනම් *.exe ගොනුවක් සේ windows මත කෙලින්ම ක්‍රියාත්මක කළ නොහැක. 
      ( bytecode යනු java VM එකට හඳුනා ගත හැකි තොරතුරු සැකසුමකි. එනම්machine language එකකි.මෙය මගින් අප භාවිතා කරන  Operating System එකකට ( platform එකට ) වටහා ගත හැකි ආකාරයට වැඩසටහන නැවත සකසයි. )  

      •  මෙය ධාවනය කිරීමට විශේෂ පරිසරයක් අවශ්‍ය වේ.
      • එය JRE (Java Runtime Environment) වේ.   
      • මෙය මෙහෙයුම් පද්ධතියෙන් පද්ධතියට වෙන වෙනම Download කර Install කර ගැනීමෙන් පසු ජාවා වලින් සැදු bite code application එක ධාවනය කළ හැක.
      • මෙම *.class file එක පරිගණකයට වැටහ ගත හැකි ආකාරයට සකසා ගැනීම කළ යුතුය.
      • එය සිදු වන්නේ ජාවා වර්චුවල් මැෂින් (JVM - Java Virtual Machine) හෙවත්Java VM එක මගිනි.
      • Java VM විවිධ Operating System සමග ක්‍රියාත්මක වේ. ( Windows, Apple Mac, Linux Base OS )
      • මෙය කළින් සඳහන් කළ JRE එක තුල පවතී.
      • මෙය තුල Java instruction set හාmemory manipulation යන කොටස් දෙක අඩංගු වේ. 
      • ජාවා වල ඇති ඕනෑම Operating System එකක් මත ධාවනය වීමේ පහසුකම සහ  Hardware වෙනස්කම් වලින් බාධානොවීමේ ගුණය ඇති කරදෙන්නේ JVM කොටසේ ක්‍රියා කාරිත්වය මගිනි.
    • 0 comments:

      Post a Comment